එක එක හැඩෙන් කියවන්න

Saturday, March 28, 2015

ගඟ තවම ගලනවා එ තැනම....

වස්සාන සමයෙක -  තවත් සවසක,
නුඹ එතැන - මම එතැන
එකම තැන හිඳි
මතකද එ'ගං වෙරළ..
පයට  පෑගුණ වැලි කැටවල පවා,
තිබුණු සුන්දර සිහිල
මතකද තවම...

එක් නියං සමයෙක
මම එතැන- නුඹ මෙතැන,
හිතේ පිපිරූ පැල්මකින් වෙන්ව
දෙතැනක හිඳ
පා කෙරූ නෝක්කාඩු මතකද..
ගඟ උන්නා එතැනම,
පිපිරූ දෙතොල් අග- විස්මයක් සිර කර...

අද- බෝ කලකට පසුව
මම මෙතැන- නුඹ ඔතැන,
වෙන වෙනම ජීවිත දෙකක...

කාලයේ සැත් තුඩෙන්
කපා ලූ තැන් අතැ'ර
ගලප ගන්නට නොහැකි මුත් අපව,
සිඳි සිඳී- පිරි පිරී
එ'ගඟ තවමත්
ගලනවා එතැන ම...

                                                          -මුදිත්-
                                                      2015.03.29

No comments:

Post a Comment