සර නැගූ තුරුපත්,
බිම පුරා ඔබ මොබ දුවන
ශරත් සෘතුවෙත් අග කෙලවර..
දෑස් වියපත් වන්ට පෙර
නුඹ එන්න...
ධූලි අරගල මැද
ගෙවී ගිය ගිම්හානය,
ඇස් රතු කලා විතරයි
පුපුරු ලන වැලි කැට,
ඉතිරි වුන මොකවත්ම නෑ හිත,
බලාපොරොත්තුව හැර...
වසන්තය නම් සිහිනයක් විතරමයි,
අපට අත වනා ගෙවීගිය...
හෙට අනිද්දා එන,
ශීත සෘතුව මැද එන්න..
මේ පුංචි කුටියේ උණුහුමට
කෝපි උගුරක දිය කරමු
මෙතෙක් තනිවම ගෙවා ආ දුර..
ආදරය විතරක්ම ශේෂ කර,
බලා ඉමු උනුන් දෙස නිහඬවම..
කොපුල් තැවරෙන ශීත සුලඟෙන් අහමු,
වසන්තය විතරද සුන්දර....
-මුදිත්-
2015.03.28
No comments:
Post a Comment