එක එක හැඩෙන් කියවන්න

Thursday, March 12, 2015

කරාමය හා දිය බිඳ...

කරාමයෙ කර බදා ඉකිබිඳ,
යන්න බෑ කී දිය බිඳුත් ඇති..
ගිහින් එන්නම් කියා හිනැහී,
යන්නටම ගිය දිය බිඳුත් ඇති..
ඉතින් හෙමිහිට ගලාගෙන ගොස්,
සාගරය වෙත යන්ට යනවැති..
දිය බිඳක් නැවතිලා කොහොමද,
කරාමය හිත හදාගන්නැති...

 -මුදිත්-
 2015.03.12


No comments:

Post a Comment