මේ වසන්තය නොවේ නම්,
කට කොනින්වත් හිනැහී බලා..
යන්නටම හිත කියනවා නම්,
යන්න නුඹ පියමං වෙලා...
පුර කළා සොළසින් එකින් එක ගෙන,
නොකියාම අව අටවක වෙලා..
නුඹ යන්න නික්මී අවර අහසින්,
එක රැයින් මට පිටුපා නොයා...
දුර ඈත තරුවක මැරෙන එළියක,
තව එකම කවියක් හංගලා..
නුඹෙ එළිය අරගෙන යන්න අහසින්,
සඳ සාවි මගෙ තනියට තියා...
-මුදිත්-
2015.01.16
එක එක
හැඩෙන්
කියවන්න
Tuesday, January 20, 2015
Saturday, January 17, 2015
පොඩි මැණිකේ...
වැහි කෝඩේ අවදි වෙලා බක් මාසේ,
නිල්ල වැටුනු ගහ කොළ මල් වැරුවා සේ,
පුංචි කෙළී ගෙට වෙනවා එන මාසේ,
හීනෙන්වත් ගමට වරෙන් පොඩි මැණිකේ...
ඉර රස්නෙට වෑ කණ්ඩිය ගිනි ගැහුනා,
ළා දළු හේන ඉහට උඩින් උණ ගැනුනා,
ණය පොත අරන් සිදාදියට පය ඇදුනා,
අදටත් ලියුං කඩදහියක් වත් නැතුවා...
රන් දම් වලට ඇහැ ගිනිකණ වැටුනාද,
ඉන්නා තැනක යහතින් උඹ ඉන්නවද,
ආපහු එන්න ගිය පය හොර උනාවද,
තාමත් පොඩි උන්ට අම්මා උඹ නේද...?
-මුදිත්-
2015.01.18
නිල්ල වැටුනු ගහ කොළ මල් වැරුවා සේ,
පුංචි කෙළී ගෙට වෙනවා එන මාසේ,
හීනෙන්වත් ගමට වරෙන් පොඩි මැණිකේ...
ඉර රස්නෙට වෑ කණ්ඩිය ගිනි ගැහුනා,
ළා දළු හේන ඉහට උඩින් උණ ගැනුනා,
ණය පොත අරන් සිදාදියට පය ඇදුනා,
අදටත් ලියුං කඩදහියක් වත් නැතුවා...
රන් දම් වලට ඇහැ ගිනිකණ වැටුනාද,
ඉන්නා තැනක යහතින් උඹ ඉන්නවද,
ආපහු එන්න ගිය පය හොර උනාවද,
තාමත් පොඩි උන්ට අම්මා උඹ නේද...?
-මුදිත්-
2015.01.18
Wednesday, January 14, 2015
සුබ මංගලම් හිතවත....
ජය මගුල් බෙර තාලෙට,
"නන්ස්ටොප්" මගුල් ගී නාදෙට,
කිටි කිටියේ වෙලුනු රන් හුය,
හිච්චි සුළැඟිලි හිරකර...
සසර කිසිදාක මින් පෙර හමු නොවුන,
නාඳුනන ප්‍රිය "පෙම්වත",
බලන් අර මධු සඳ,
අපෙම හෙට දවස ගැන- දෙගිඩියාවක ව ද?
තුරුළු වී නොවී- නුහුරු උණුහුමකට,
ඇස් පියාගත් වනම- ඇවිත් හිත අතගාන,
නොමළ පෙර පෙම් සිහිනය,
ඔබා වළලා යලිත් හිත යට...
අත ගැටෙන රන් මුදුව,
ඇඟිලි- ගෙල සිරකළ,
සුසුම් තව තිය තියා වා තලය බර කල,
ගෙවා නිදි නැතුවම මූසලම මහ රැය...
යලිත් උදයෙම අවදිව,
නාඳුනන සේ උනුන් වෙත- පතා සුබ උදෑසන,
නුඹ නුඹේ වැඩබිමට- මම මගේ වැඩපොළට,
යමු අපි අපේ ජීවිත වලට...
ගෙවා ඒ පැය හත අට,
ගොඩවෙමු අපි නැවත- නුහුරු නුපුරුදු "කූඩුවට",
මුවින් නොබැනම- ගෙවිය යුතු මේ ජීවිතය,
ඇඟිලි හිරකල- රන් හුය අපිට පැවරුව...
-මුදිත්-
2015.01.14
"නන්ස්ටොප්" මගුල් ගී නාදෙට,
කිටි කිටියේ වෙලුනු රන් හුය,
හිච්චි සුළැඟිලි හිරකර...
සසර කිසිදාක මින් පෙර හමු නොවුන,
නාඳුනන ප්‍රිය "පෙම්වත",
බලන් අර මධු සඳ,
අපෙම හෙට දවස ගැන- දෙගිඩියාවක ව ද?
තුරුළු වී නොවී- නුහුරු උණුහුමකට,
ඇස් පියාගත් වනම- ඇවිත් හිත අතගාන,
නොමළ පෙර පෙම් සිහිනය,
ඔබා වළලා යලිත් හිත යට...
අත ගැටෙන රන් මුදුව,
ඇඟිලි- ගෙල සිරකළ,
සුසුම් තව තිය තියා වා තලය බර කල,
ගෙවා නිදි නැතුවම මූසලම මහ රැය...
යලිත් උදයෙම අවදිව,
නාඳුනන සේ උනුන් වෙත- පතා සුබ උදෑසන,
නුඹ නුඹේ වැඩබිමට- මම මගේ වැඩපොළට,
යමු අපි අපේ ජීවිත වලට...
ගෙවා ඒ පැය හත අට,
ගොඩවෙමු අපි නැවත- නුහුරු නුපුරුදු "කූඩුවට",
මුවින් නොබැනම- ගෙවිය යුතු මේ ජීවිතය,
ඇඟිලි හිරකල- රන් හුය අපිට පැවරුව...
-මුදිත්-
2015.01.14
Tuesday, January 13, 2015
දයාබර "ඩාලියා"......
ෆර්දාව යට ඉඳ ගැහුනට,
මේ තරම් උණුහුම්ද හදවත,
අහන්නට කවුරුත් නැතුවට,
කඳුලු නම් කඳුලුමයි- ඇහි පියන් හැමදාම රිද්දන...
කලු වුනත් ඇඳිවත,
හිත සුදෝ සුදු හින්දා..
හීනෙනුත් නොදොඩාම,
හිත උඹේ ළඟ උන්නා..
රෝස කටු මේ තරම්,
නපුරු බව නොහිතුනු හින්දා..
ඇඟිලි තුඩගින් ගැලූ,
ලේ බිංදු පෙති මතත් ඉහුණා...
දෙදරගෙන මහ පොළව,
මහමෙර දෙපා මුල වැටුනා..
කැඩුණු සිංහල වචන මදිවුන,
දුක උඹ ලඟම උන්නා..
"හැමදාම ආදරෙයි" උඹෙ අකුරු හිරවුණු,
තුණ්ඩුව පපුතුරට තෙරපා,
දෙවියනුත් නැති පාලු අහසට,
ආයෙමත් සුසුමක් තිව්වා...
-මුදිත්-
2015.01.13
මේ තරම් උණුහුම්ද හදවත,
අහන්නට කවුරුත් නැතුවට,
කඳුලු නම් කඳුලුමයි- ඇහි පියන් හැමදාම රිද්දන...
කලු වුනත් ඇඳිවත,
හිත සුදෝ සුදු හින්දා..
හීනෙනුත් නොදොඩාම,
හිත උඹේ ළඟ උන්නා..
රෝස කටු මේ තරම්,
නපුරු බව නොහිතුනු හින්දා..
ඇඟිලි තුඩගින් ගැලූ,
ලේ බිංදු පෙති මතත් ඉහුණා...
දෙදරගෙන මහ පොළව,
මහමෙර දෙපා මුල වැටුනා..
කැඩුණු සිංහල වචන මදිවුන,
දුක උඹ ලඟම උන්නා..
"හැමදාම ආදරෙයි" උඹෙ අකුරු හිරවුණු,
තුණ්ඩුව පපුතුරට තෙරපා,
දෙවියනුත් නැති පාලු අහසට,
ආයෙමත් සුසුමක් තිව්වා...
-මුදිත්-
2015.01.13
Saturday, January 10, 2015
උපැවිදි කවි හිත....
බෝ මළුව- සිලි සිලිය,
සවන් පත් ගැඹුරම පිරිමැද්ද,
එදා නොදැනුන සුවය,
පෝය සඳ- සඳ සිසිළ..
බාල වග්ගය- යමක වග්ගය,
ධම්මපද ටීකා අතර,
එදා නොදැනුන සුවය,
අද ඇඳේ රහසේම- වෙලාගෙන උපැවිදි ආත්මය..
පිපෙන්නට වෙර දැරුව,
කලල් දිය මත නෙළුමක්ව,
සියතින්ම සිඳගෙන නටුව,
ඇද වැටුනු යලි කලල් දිය මත..
ගෙල වැටුනු දා බැඳුම් වරපට,
සිරවෙනා සේම ගෙල,
හැඟේ යලි යලි සංසාර දුක්ඛ බර,
කතර මැද අදින කල කෙලෙස් ගැල...
-මුදිත්-
2015.01.05
සවන් පත් ගැඹුරම පිරිමැද්ද,
එදා නොදැනුන සුවය,
පෝය සඳ- සඳ සිසිළ..
බාල වග්ගය- යමක වග්ගය,
ධම්මපද ටීකා අතර,
එදා නොදැනුන සුවය,
අද ඇඳේ රහසේම- වෙලාගෙන උපැවිදි ආත්මය..
පිපෙන්නට වෙර දැරුව,
කලල් දිය මත නෙළුමක්ව,
සියතින්ම සිඳගෙන නටුව,
ඇද වැටුනු යලි කලල් දිය මත..
ගෙල වැටුනු දා බැඳුම් වරපට,
සිරවෙනා සේම ගෙල,
හැඟේ යලි යලි සංසාර දුක්ඛ බර,
කතර මැද අදින කල කෙලෙස් ගැල...
-මුදිත්-
2015.01.05
Wednesday, January 7, 2015
පුවත්පත් කවියාගේ කව...
බිම් පණුවෙක්මි- මතු නොවෙන එලි පහළියට,
බැරි නිසා කරවෙන්ට,
ගිනි ගහන අවුවට..
ගොඩට එමි නා කපන වැහිදාට,
බැරි නිසා හුස්ම ගන්නට,
පොළව යට සිට..
රහසේම පස් කකා- හිත යට දුකට,
පහ කරම් කවි පොළවට,
බොල් පොළොව සරුවෙන්ට..
හෙට වැටෙන වැස්සට,
අලුත් ගහ කොළ පූදින්ට...
-මුදිත්-
2015.01.08
බැරි නිසා කරවෙන්ට,
ගිනි ගහන අවුවට..
ගොඩට එමි නා කපන වැහිදාට,
බැරි නිසා හුස්ම ගන්නට,
පොළව යට සිට..
රහසේම පස් කකා- හිත යට දුකට,
පහ කරම් කවි පොළවට,
බොල් පොළොව සරුවෙන්ට..
හෙට වැටෙන වැස්සට,
අලුත් ගහ කොළ පූදින්ට...
-මුදිත්-
2015.01.08
Saturday, January 3, 2015
නිරිඳාන...
රන්වන් රුවින් දිදුලන ඡවි කල්‍යාණ
හැඩි දැඩි ගතින් යුතු වනයට නිරිඳාන
රදනක විලිස්සාගෙන ආ නපුරාන
අපි හැම පැන දිවූ කාලය අවසාන
එක්වී එකා මෙන් පැන නුඹ එන මගට
"හරි, දැන් වරෙන් එනවානම් සටනකට"
තනිවී එකිනෙකා වැනසෙනු වෙනුවාට
එක්වූ දාට එතැනයි ජය ටැඹ අපට
-මුදිත්-
2015.01.04
නොකියමී මනමේ...
රන් තෝඩු කනකර
උකස් වී ගිය,
රහ නූන මසවුළු
වළඳන්ට වුන,
වඩන රූසිරි
පලඳනා ගිලිහුන,
පෑල දොරකඩ
ලඟට වී හිඳ,
ඈත බැලුවෙද
ඉතින් ආලය...
නොදී වැදි රජු අතට අසිපත,
යන්ට පියඹා- අයැදි අවසර,
ළඳුනි නුඹ හට,
නොකියමී මනමේ කුමාරිය...
නෙත් කෙවෙනි අග රිදුම් හිරකර,
සිතා නුඹගේ හෙට දවස ගැන,
ළබැඳි මා ප්‍රිය ළඳුනි රූබර,
ඉතින් ඉගිලී යන්ට අවසර...
-මුදිත්-
2015.01.03
උකස් වී ගිය,
රහ නූන මසවුළු
වළඳන්ට වුන,
වඩන රූසිරි
පලඳනා ගිලිහුන,
පෑල දොරකඩ
ලඟට වී හිඳ,
ඈත බැලුවෙද
ඉතින් ආලය...
නොදී වැදි රජු අතට අසිපත,
යන්ට පියඹා- අයැදි අවසර,
ළඳුනි නුඹ හට,
නොකියමී මනමේ කුමාරිය...
නෙත් කෙවෙනි අග රිදුම් හිරකර,
සිතා නුඹගේ හෙට දවස ගැන,
ළබැඳි මා ප්‍රිය ළඳුනි රූබර,
ඉතින් ඉගිලී යන්ට අවසර...
-මුදිත්-
2015.01.03
Subscribe to:
Posts (Atom)