එක එක හැඩෙන් කියවන්න

Friday, March 13, 2015

සුළගේ යැවූ කවියක්....

කාගෙ කාගෙත් පපු තුලට වැද,
නොකී නොලියූ දහක් දුක් ගෙන,
පටලවාගෙන බරැති සුසුමක,
සුළං රැළි වෙති පාවෙලා එන...

තනිව තොලගෑ මීවිතක් ලඟ,
නිහඬ සිතුවිලි දොඩන මොහොතක,
පාවෙනා අර සුළං රැළි අග,
අහන්නට මහ ගොඩක් කවි ඇත...

 -මුදිත්-
 2015.03.13


No comments:

Post a Comment