එක එක හැඩෙන් කියවන්න

Tuesday, November 1, 2022

ඒ බීර පැහැ මොහොත...

ඉස්තරම් මධු බඳුන්
ඇසිල්ලේ හිස් වෙන,
සාද මේසයක අග
උක්කුටියෙන් හිඳී
හැන්දෑව...

බොහෝ හරසර එළි මැද ද
දෑස් පට පැටලී
රත් පැහැ ලේස් ගවොමක,
බීර පැහැ කෙහෙ කැරළි
සැඳෑවම ගිල්වයි
පෙණ නැගෙන බීර බඳුනක...

නොසන්සුන් හදවතය
සුසුමින් දැවී ගිය..
බාල සිගරැට් කොට
එකින් එක අතහැරෙයි
දඹු පිරී ගිය බඳුනට...

-මුදිත්-
26.10.2022