එක එක හැඩෙන් කියවන්න

Tuesday, March 17, 2015

ධීවරී ගීයක් වන්නට....

එන එන හැම රළට ළය දී,
ඩා බිඳු වෙරලතක තැවරුණ..
රිදුම් දින දින ලියලන,
රළු- සියුම් හැම තැන් සීරුණ..
හීන නම් තව මොනවද,
ජීවිතෙත් වැල්ලට වැලලුණ..
දියඹ, මේ සෝ ලාපය,
ධීවරී ගීයද ගොලුවුණ...

තළු මරන සලෙලුන්ට ගිලගන්න,
නැති බැරි කමම රහවුණු..
පැටි විය, මැදි විය, තුරුණු විය,
ඇඟ මස මුහුදටම දියවුණු..
මිදුණු කඳුලින් හඬන,
දරුවන් ඇකේ ලූ මව්වරු..
දෙවියනි, මේ සටන කෙලවර,
සාමදානෙන් සතපනු...

 -මුදිත්-
 2015.03.16

No comments:

Post a Comment