එක එක හැඩෙන් කියවන්න

Sunday, November 1, 2020

උන්ගේ සහ අපේ හෙළුව...



නිමිත්ත: වයස අවුරුදු 21ක තරුණියක් සහ වයස අවුරුදු 24ක තරුණයෙක්, නිවැසියන් නොමැති අතරේ තරුණයාගේ නිවසට වැදී නිල් චිත්‍රපටයක් නැරඹූ පුවතක්, ප්‍රසිද්ධ පුවත්පතක් විසින් උජාරුවෙන් වාර්තා කර තිබුණි.


තලා කැකුළු මල්, නැහැයට සුවඳ උරා

පලා නොගොස්, ලේ තැවරුණු කඩුව දරා

නෙළූ වෙරළු මල් අහුරක සුවඳ පෙරා

වළා පෙළට වී මොහොතක් වින්ද 'හොරා'


ඈත රටක හැඩ ඉහිරුණු රූ සපුවේ

සීත උණුහුමක් මිස මොනවද සෙව්වේ

පාළු ගෙයට පත්තිනි බැල්මක් වැටුණේ

සාධු ගඟක් ගැලුවයි පත්තර පිටුවේ


පුළුල් තිරය මත ගිලිහෙන කල සළුව

දෑත් විදා ආ හෙණයකි නඩු නැතුව

යතුරු හිලෙන් මුළු ලෝ පිරිසිඳ දුටුව

ආං මහතුනේ පෙනුනද අපෙ හෙළුව


-මුදිත්-
2020.11.01



පසු සටහන: 

මිනිසකුගේ පුද්ගලික නිදහස දරා ගත නොහැකි වූ සමාජයත්, බඩ වියත රැකගනු වස් ඕනෑම පුවතක් සදාචාර සීමා නොතකා තලු මර මරා හපනා ඇතැම් මාධ්‍යයනුත් කෙරේ නැගි හිරිකිතයෙන් මිරිකෙමින් සිටියදී ලියැවුණකි. එමෙන්ම මෙය "නිල් චිත්‍රපට නැරඹීමේ නිදහසක්" වෙනුවෙන් නොවන බව ද විශේෂයෙන් ම කිවයුතු වන්නේ හඳට ඇඟිල්ල දිගු කරද්දී බහුතර සමාජය දකින්නේ ඇඟිල්ල පමණක් වන නිසාවෙනි.

No comments:

Post a Comment