එක එක හැඩෙන් කියවන්න

Wednesday, October 2, 2019

මේ තමයි මං දන්න ප්‍රේමය...

තෙහෙට්ටුව මුදා හැර
ඉඩ දෙන්න ඔය මුහුලට,
පැටැලෙන්න මේ හුළඟට..
වූලකට අවනතව
ඉන්න ඇහැකිද දවසම..?

අරන් ආ හැම බර ම
තියා මොහොතකට බිම,
දෑත් විහිදන්න අහසට..
ඇස් පියා මොහොතකට
එන්න, විඳගමු මේ සැහැල්ලුව...

දෑත දෑතින් අරන්
කැරකෙමුද රවුමක්
එකතැන තියා ලෝකය..?
මේ නිසල වෙරළ ම
ලෝකයක් වෙයි එතකොට...

ඔය දෙපා පොඩි තියා
ඇවිදින්න මේ රළ මත,
අඳුරුතම සි‍ඳු පතුළ- මවන සුදු මුදු මදහස..
දන්නවද මේ සිනහ පෙණ පිඬ
ඇත්තට ම, ඒ තමයි ප්‍රේමය...

-මුදිත්-
2019.10.02


5 comments:

  1. සතුටුයි ඔබේ බ්ලොග් අඩවිය අහම්බෙන් සොයාගැනීමට ලැබීම ගැන. ඔබේ කවි ඉතා ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලුවා... ඉතින් ආයෙත් ඉඩක් ලැබෙන වෙලාවට මේ පැත්තට ඇවිත් යන්න...

      Delete
  2. Forgive me if I conk out
    for I know not how to express positive too well
    My words do not form as I wish
    What I want to say is
    The way of expressing your feelings in a musical language seems like
    " giving a cocktail of NSAIDs to severe migraine attack" 😆

    ReplyDelete