එක එක හැඩෙන් කියවන්න

Monday, October 28, 2019

විසිර ගිය සිහිනමය තටු අතර...

නොකල් වැස්සෙන් පිබිද
විකල් හද තානය,
දිග හරියි තටු- හැඟුම් මල් පෙති...

දෑස මත්තෙහි වැතිර
විසල් ආකාශය,
මත් කරයි නෙත
තරු සැනෙළි එළි...

ඇසට ඇන - අත වනන
උකුම උකු ආලෝක රැළි,
මව මවා තුඟු තිසර තුඩු
අවුළුවයි,
සියොළඟෙහි ගිණි..

දිගැර ලා පියපත්
ඉගිල ගිය ඉක්බිති,
කැලැත්තෙන ආලෝක සුළියෙක
නිලංකාර ම සිහිනෙකි...
... ... ... ... ... ... ... ... ... ... ... ... ...

රැය පුරා - හඬ තලා
මග කියූ රැහැසියනි,
තොපට තුති..
ඒ නමුත් - හෙට යලිත්,
පහන් කණු මුල බොහෝ
අලුත්
මළ සිරුරු ඇති...

-මුදිත්-
28.10.2019



2 comments: