එක එක හැඩෙන් කියවන්න

Saturday, October 15, 2016

නුඹ - ඉරබටු තරුව...

සඳක සරතැස නිවන මදහස
බහින ඉරු රැස නිතින් ඉවසන
අවර අහසක අගින් ගිලිහුණ
කඳුළ, ඉරබටු තරුව නම් ලද..

ගත'කුරකි කව් පෙළක, හෝඩියක් අහිමි
වුණ
මුකුලිත වු ලියවැලකි, ඉඩෝරෙක ගෙල නැමුණ
උසුලගෙන සුසුමනුත් මදහසක,
පටළැවුන
ඇණ ගැසූ කුරුසියකි මග බලා උන්නු
තැන..

කල්වාරි මුදුනතට තව දුරයි, බෝ
දුරයි
මග බලන ඇස් අගට දුක වැඩියි, තව
රිදෙයි
'සඳ එළිය..' නෙතින් නෙත කොඳුරමින් නුඹ යදියි
ඒ වුණත් සඳවතින් හලාහල විශ
ගලයි..

                                                              -මුදිත්-
                                                             2016.10.15


2 comments:

  1. සඳ එලිය පියකරුයි
    විද රිදෙන විස බොහොයි
    බිඳ කඳුලු උණුහුමයි
    වැඳ යදින සෙනෙහසයි.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මගෙ මිත්‍රයා... ඇත්තෙන්ම සඳ එළිය තැවරෙන තැනක් රිද්දන විශක් වෙන්නත් පුලුවන් නේ සමහර කෙනෙකුට...

      Delete