එක එක හැඩෙන් කියවන්න

Monday, July 11, 2016

දස්කොන්...

තරු අගිසි වසාගෙන
උතුරා හැලෙනකොට
සඳදිය,
සිරි යහන පුරාවට
සෙවනැළි මවයි
සකි නුඹ..
ඇත්තමයි
නුරාවෙක නම් නොවෙයි හදවත...

සැලෙයි තිරපට
සුළඟට,
නිවී ගිය පසු- පහන් සිළ
අඳුර දැවටෙයි සියොලඟ..
මුදු හාදුවකි කොපුලත
නුඹේ උණුසුම මා ලඟ...

තිගැස්සී ඇහැරෙමි..!!
අසිපත් ගැටෙන හඬකට,
සිහිනයෙන්- රෑ මැදියම..
සවන් පත් වෙහෙසමි,
විමසමි..
මිමිණේද නුඹ නම
සුළඟකින් හෝ හෙමිහිට...

                                  -මුදිත්-
                         2016.06.29

Anna Razumovskaya Praying For Love Painting


3 comments:

  1. රහට අකුරු ගලපලා.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ස්තූතියි මගෙ මිත්‍රයා.. ඉඩක් එන වෙලාවක ආයෙ ඇවිත් යන්න එන්න මේ පැත්තට...
    ජය...!!!

    ReplyDelete