එක එක හැඩෙන් කියවන්න

Monday, February 15, 2016

රැයේ ප්‍රේමය...

දෝත දී මඳනළකට
අසාගෙන
නාඳුනන මගතොට,
හෙමි හෙමින් එයි
හෙන්දිරික්කා සුවඳක්
සොයාගෙන බඹරෙකුගෙ හැඩරුව
පාන්දර සිහිනයෙක හමුවුණ..

ලොවට මුමුණා
ඉමිහිරි ම නැළැවිලි ස්වර
ලොවම නිදිගත් පසුව..
සළෙළු ඇස් මුළා කර
සඳ වඩියි වැව් තලයට..
නෙළුම් පතකින් වසාගෙන ළැම
වරල අතුරයි සීත දිය මත...

වළාකුල ඇහැ අරින්නට පෙර
පිනි බිඳක් රහසේම ඇවිදින්
තියයි සීතල දෙතොල
නෙළුම් කොපුලතක් මත..
බිඳුම් හඬෙකින් සෙමෙන් කොඳුරයි
යන්ට වෙන වග
හෙට පාන්දර...

                                          -මුදිත්-
                                  2016.01.24

3 comments:

  1. ලස්සනයි කුරුටු.......... (කුරුටු කියන්න වෙන එකට මොකද කරන්නේ... සමහරු අපිටත් කියන්නේ මේ නම......)

    ReplyDelete
  2. තවත් කුරුට්ටෙක් බිහිවෙයි.

    ReplyDelete
  3. බෝම ස්තූතියි සහෝ... කුරුටු ඉන්න නිසා මං කුරුට්ටා වෙන්නද? කුරුට්ටෙකුත් ඉන්නවද?

    ReplyDelete