එක එක හැඩෙන් කියවන්න

Tuesday, January 26, 2016

නුඹේ මෙහෙසිය වූ පසු...

කුරුළු තුඩු පටලැවෙන සද්දෙට
පාන්දර ඉරපාන ඇහැරෙයි
කවුළුවට ඉර එළිය වැටුණම
හුඟක් ඉස්සර දවස් සිහිවෙයි

පාට පාටින් තටු සැලෙන කොට
බලන් ඉන්නට හරිම ලෝබයි
සුදෝ සුදු සාරියක් ඇඳගෙන
වැඩට යන්නට මටත් ආසයි

නිකිණි සැණකෙළි මඟුල් කාලෙට
නුවර සල්පිල් තොරණ ඉදිවෙයි
හවස මල් පෙරහැර වඳින්නට
මටත් නොදැනිම දෙපා ඉස්සෙයි

පෙළක් හවසට ඉර බහින කොට
මඟුල් උයනම හරිම එළියයි
රාජ පුරුෂයො නැතුව ඩිංගක්
ඇවිද යන්නට හිතට ආසයි

පිපෙන සුවඳම මලින්, එක්ටැම්
කුටිය සැරසෙන බවත් ඇත්තයි
ඒ වුනත් හැමදාම හවසට
හදවතේ පිපි මලක් මැළවෙයි

                                      -මුදිත්-
                             2016.01.16

3 comments:

  1. සුන්දර කවි පෙළක් දිමුත්........... අගෙයි.......... ජයවේවා.....

    ReplyDelete