එක එක හැඩෙන් කියවන්න

Wednesday, January 13, 2016

චිත්‍රාවියකගෙන් හසුනක්...

සැළලිහිණියෙක්, ගිරවෙක්
අඩුම තරමේ කපුටෙක්
සොයාගන්නට නොමැත පෙම්වත
හිත මිතුරු දූතයෙකු ලෙස..
ඉතින් මේ වගතුග
අමුණා එවමි සුළඟක...

කපු තෙම වඩින තුරු
වාසලේ හරි කලබල
මහළු බමුණන් නිබඳ
කියත් කේලම් විස්තර..
අඟුටු වාමන සෙනග
බීඩි දුම් උර උර
සරත් නිරතුරු
එක්ටැම් කුළුණ පාමුල..
විටෙක මුර බල්ලන් ද
හතිලන හඬ ඇසෙයි වටපිට...

ඈත වෑ කන්ද මුල
එදා අප සක්මන් කල තැන..
"සිකියුරිටි" නා රජු ද නිරතුරු
පෙන ගොබ සතම පුප්පයි,
මේ කුටිය අවටින් හමන
සුළඟට පවා සසැලිව..

ඉතින් පෙම් කුමරුවනි
පිපුණු මල් දුටුව පසු,
ඔහොමයි මෙහෙ අලුත් විස්තර...

                                         -මුදිත්-
                                  2016.01.13

7 comments:

  1. ලස්සනයි මචන්.
    පාර කිව්වේ අජිත් අයියා.)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචන්... :)

      Delete
  2. අපිට පාර කිව්වෙත් අජිත් කුමාර සහෝ තමා......

    අපිත් කුරුටු තමා..... නම ලගින් ගියාට මොකද අපි දෙගොල්ලක් නොවැ........ අපේ සින්ඩියටත් දා ගත්තා..... දිගට ම ලියමු...... ජයවේවා.....

    ReplyDelete
    Replies
    1. http://kurutugegeepawra1.blogspot.com/

      සින්ඩියට යන පාර

      Delete
    2. ස්තූතියි සහෝ ගොඩක්.. ඉස්සරහදිත් ඉන්න ඈ... මම අලුත් blogging වලට.. ඉතින් මේ ලැබෙන සහයෝගය මට මසුරං වගෙයි. ජයවේවා සහෝ...

      Delete