එක එක හැඩෙන් කියවන්න

Tuesday, February 24, 2015

ඉටි පහනක්මි....


දැල්වෙමි නොනිවීම,
ගෙවෙන තුරු රැය ගණඳුර,
හමන සුළඟට එදිරිව,
රැකගමි බිඳක් හෝ ආලෝකය...

දැවි දැවී හිඳ,
පහන් වන තුරු රැය,
යන්නට යමි නොකියාම,
හිරුට ඉඩදී රහසේම...

නොතබමි භෂ්මාවශේෂ,
නුඹෙන් බුහුමන් ලබන්නට,
මිදුණු කඳුලක් පමණක්,
තියා යමි ඉතිරි කර...

ඇවැසි නම් රැක ගන්නට,
නැති නම් සූරා දමන්නට...

-මුදිත්-
2015.02.24


No comments:

Post a Comment