එක එක හැඩෙන් කියවන්න

Tuesday, February 10, 2015

ප්‍රේමය බිඳුනු මිතුරාට...

අලුත හීරුණු තුවාලයකට,
"ස(ර්)ජිකල් ස්ප්‍රීට්" ගාගෙන,
තොල් හපාගෙන විඳින ලෙසටම,
විඳින්නට හැකි බිඳුනු ප්‍රේමය...

බිඳුනු වීදුරු කටු විසිර ගිය,
වීදියක පය නතර වුනහම,
ඇනුණු වීදුරු කටු ගලවගෙන,
වලදමාපන් හිතේ ගැඹුරෙම...

ප්‍රේමයේ හිඟ වාරික ගෙවන්නට,
පොළිය තවරා පෑන් තුඩ'ගට,
ලියූ ගිනිගත් කවිය අරගෙන,
වරෙන් දුක සැප බෙදාගන්නට...

 -මුදිත්-
 2015.02.10

No comments:

Post a Comment