එක එක හැඩෙන් කියවන්න

Friday, September 5, 2014

අප්පච්චී...

දවස් කීපෙකට කලින් ගමේ හිතවත් නැන්ද කෙනෙක් මුන ගැහුනා, පුංචි දුවත් එක්ක... අහන්න ලැබුනෙ ගොඩක් සංවේදී කතාවක්. "පුතේ, මාමා ලෙඩ උනා. මේ මාමව බලන්න නංගිත් එක්ක ඉස්පිරිතාලෙ යන ගමන්."... ලෙඩේ තවම හොයාගෙන නැතිලු.. කීප දවසකට පස්සෙ මම අම්මත් එක්ක එහේ ගෙදරට ගොඩ වුනේ ඒ මාමගෙ විස්තර දැන ගන්න. මාමට වකුගඩුවක් බද්ධ කරන්න වෙනව කියලත්, මේ වෙද්දි තත්වෙ ගොඩක් හොඳ නෑ කියලත් දැනගන්න ලැබුනා.. මේ කතා බහ අස්සෙ, පුංචි නංගිගෙ ඇස් වල තිබුනු කතාව මගේ හිතට හුඟාක් දැනුනා...


  ගෙයි දොරකඩ පඩිය උඩ,
 වෙනදා හඳ එලිය වැටෙන තැන..
 අප්පච්චිගෙ ඔඩොක්කුව උඩ,
 වෙනදා මං හුරතල් වුන තැන...

 බරවෙලා ගෙයි උලුවස්සට,
 අර පාලු වලාකුළු යායෙම..
 මං හොයනවා අර හඳ පලුව,
 අප්පච්චි මට කීව- හඳ හාවි හැංගිච්ච...

 වෙනදාටත් වඩා දැනෙන පාලුව,
 ඇස් අග ගුලිවෙච්ච කඳුලු බිංදුව..
 කාටවත් නොපෙනෙන්න මම, හංගනවා ගවුමෙ බෝරිච්චියක...

 "ඉක්මනට සනීප වෙලා- අප්පච්චි ගෙදර එන්න",
 ඔඩොක්කුවෙ ඉඳගෙන- ආයෙම කතන්දරයක් අහන්න..
 පුංචි දෝනි දොරකඩ ඉඳන්,
 බලන් ඉන්නවා කඩුල්ල දිහාම...

 -මුදිත්-

No comments:

Post a Comment