එක එක හැඩෙන් කියවන්න

Thursday, February 27, 2025

ඔබ සිටින්නේ හැන්දෑවක...

ඔය දෑස් යට මන්දාරම...

පිනි බිංදු වැටුනත්
ලකුණක්, හඬක් නොතියා
ඔබට වැඩියෙන් මං දන්නවා
මන්දාරමක හැඩතල...

හීකඩේ හීතල..!
වළා කැටි යට දම් පාට..!!
ඒ සියල්ලට වැඩියෙන්
ඔය දෑස් යට මන්දාරම...!!!

ඔබ සිටින්නේ හැන්දෑවක...

මන්දාරම් අඳුර දියැවුණු
හීතල බෝම කුරිරුයි..
ඔබට වැඩියෙන් මං දන්නවා
දෑත් ගුලියේ පටලාගත්
අවසාන උණුසුම් කැරැල්ලත්
මැරී අවසන් බව...

බුර බුරා එන හීකඩ..!
කොනිති ගහනා හීතල..!!
ඒ සියල්ලට වැඩියි
ඔය දෑස් යට මන්දාරම...!!!

ඔබටත් රහසින් ම,
ඔබ සිටින්නේ හැන්දෑවක...

-මුදිත්-
15.01.2025

Image: Mystery 05-01-M2C-43 by Wil Lof (2005)


No comments:

Post a Comment