එක එක හැඩෙන් කියවන්න

Wednesday, September 18, 2024

පාවෙලා යන එකද සංසාරෙ...?

බඩ ඉරිඟු දැලි රැවුලු
හේබෑ ව  කලු ගැහුනු
පඬු පාට ගිනි කාෂ්ඨක යායෙ,
දූලි සුවඳක එතී
නාටු හුළඟක් දිගේ 
ඒ වුනත්, වැහි වළාවක් වගෙයි
නුඹ ආවෙ..

ඇත්තමයි! ඒ තමයි,
ඉවුරු දෑලේ එතී
හුරතලේ ගලන්නට
මහ ඇළට දිය පොදක් නැති කාලෙ...

ජීවිතේ මුඩු වුනත්
ආදරේ එහෙමයැ,
වෙන් කරපු එක ම එක
සෘතුවක් තිබුණියැ,
පපු පොතේ ලා රැක්ක
ඉරිඟු බිත්තර මිටත්
ඒ නිසයි උගුල්ලා බිම ලෑවෙ...

වළාකුළු පාවුනා
ඉරිඟු ඇට බොල් වුණා,
ආදරෙත් හරියටම ඒ වාගෙ...

වැහි වහින ඉසව්වල
නන් පාට මල් පිපෙන
කතාවක මුණ ගැහෙන තුරු ආයෙ,
එකම අතකට ගලන
තඹ පාට හුළඟක් ව 
පාවෙලා යන එකද සංසාරෙ...?

-මුදිත්-
01.09.2024

Image source: Internet



1 comment:

  1. දූලි සුළඟක එතිලා එන වියලි සුළගේ වැහි වලාවක උනත් ජල වාෂ්ප නැතිව ඇති.

    ReplyDelete