ඒක
වචනෙකට ගන්න හරි අමාරු විදිහෙ මූණක්. අඩි පහක් වත් උස හීන්දෑරි ඇඟක්. පාන්දර ඉර
එළිය වැටුණු තිරිඟු කරලක රත්තරන් පාට කොණ්ඩයක්. මුලින්ම දැකපු වෙලාවෙදිම ඇඟ ඇතුලෙ
පුංචි ගිණි පුළිඟුවක් අවුලාපු කෙල්ලක්...
දකින
මුල්ම මොහොතෙ ඈ හිටියෙ හොඳටම තෙතබත් වෙලා, ඇඟටම ඇලුනු තුනී රෙද්දකින් මහපු කොට ගවොමක්
ඇඳන්. ඒ රෙද්ද ළා රතු, කොළ පාට පොඩි මල් තිබුණු ළා කහ පාට ටච් එකක්
තියෙන සුදු රෙද්දක්. ඈ හිටියෙ තණකොළ මිදුලෙ දිගාවෙලා, සඟරාවක්
බලන් ගමන්. ඈට එහා පැත්තෙන් නැගුනු වතුර මලක් නොකඩවාම වතුර ඉහිමින් ඈව තෙතබත් කළේ, ඒ දර්ශනය
දකින කිසි කෙනෙකුට පුංචිවත් සමාවක් නොදෙන විදියෙ තාලෙකින්.
“Beautiful”
ඒ
තමයි ඒක දකින ඕනම කෙනෙකුට කියාගන්න පුලුවන් වෙන එකම දේ. ඒ දසුන ගැන වැඩි
වැල්වටාරම් නෑ. නෑ නෙමෙයි, වචන හොයාගන්න බෑ. ඒ තමයි ඒකි. වයස අවුරුදු දහ
තුනක් විතර ඇති වුනත්, ඈට තිබුණෙ ගිනි දළුවක වගේ හරිම ඇවිලෙනසුලු
දාංගලයක්. ඒ දාංගලේ ඈගෙ හැම ඉරියව්වකම, හැම කෙස් ගහකම, හැම උපන් ලපයකම ඉඳන් තිබුණා. මේ කෙල්ල මට මූණට
මුණගැහුන එකියක් නෙමෙයි. ඒ වගේම මූණට මුණගැහීම ඇතුලෙ තියෙන අවදානමට මම බයයි. මේ
රූප රාමු අස්සේ ගෙවුණු පැය දෙක හමාරක විතර වෙලාවෙන් පස්සෙ, ඇත්තටම ඒ
අවදානමට මම බයයි. ඈ තමයි ලොලිටා.
Film
එක පටන් ගන්නෙ තණබිමක් පසුබිම වෙච්ච රාමුවකින්. ඒ
පසුබිමේ ඈත පාරක් දිගේ එන කාර් එකක දර්ශනයෙන්. කාර් එක එන්නෙ පාලනයකට නතු වුනත්, එහෙම නැති
ලීලාවකින්. හරියට ඒකෙ Driver ගෙ ජීවිතේ
වගේ. මේ කාර් එකේ Driver තමයි කතාවෙ එන ප්‍රධාන ම පිරිමි චරිතෙ වෙන Humbert. මිනිහගෙ අතේ තියෙනවා කොණ්ඩ කටුවක්. ඔව්, කුණුත්
ලේත් තැවරුණු ඇඟිලි දෙකකින් මෘදුව ඒත් අත් හැරෙන්නෙ නැති විදියකින් හිරවුණු කොණ්ඩ
කටුවක්. ඒ අත් රැඳිලා තිබුණෙ ඔහේ යන වාහනෙට පාර කියන්න තියෙන සුක්කානම උඩ. වාහනෙ
ගමන නිසා එහා පැත්තෙ සීට් එක උඩ තියෙන revolver එක එහෙ මෙහෙ යනවා. තව දුරටත් වාහනෙ නිශ්චිත
අරමුණකට දක්කන්නෙ නැති වුනත් ඒ Driver එහෙම නැත්නම් Humbert අර revolver එක සීට් එක
උඩ ආයෙ ආයෙත් ස්ථානගත කරන්න උත්සාහ කරනවා. ඒ frame
එක ම මට ඉතිරි කලේ මහා කඩාවැටීමක්. ඉබාගාතේ යන
වාහනයක, හරි තැනින් තියන්න උත්සාහ කරන ගිනි අවියක්. ඒ revolver එක පත්තු
වුණු තැන, ඒ විදිය, හේතුව දකින්න නම් film එක ඉවරවෙන
තුරු ඉවසන්න වෙනවා. ඇත්තටම ඉවසන්නම වෙනවා. ගිනි දළුවක් වගේ ඇවිලෙන ළපටි කෙල්ලෙකුත්, ඒ කෙල්ලගෙ
සුළු පියා වගේම පෙම්වතාත් වෙන මනුස්සයත් අතරෙ ගලාගෙන යන, ආදරයත් -
ලිංගිකත්වයත් අතරෙ යම් තැනක ස්ථානගත වෙන සම්බන්දයෙත් කතාව ඉවසන් ඉන්නම වෙනවා.
වරින්
වර මං ඒ පිරිමි කෙනා බවට පත්වෙන එක වලක්වාගන්න සෑහෙන උත්සාහ කළත් අවස්ථා කීපෙකම මං
අසාර්ථක වුණා. චිත්‍රපටිය පුරාම තිබුණු උකු කළුතෙල් වගේ හැඟීමක් මගේ ඇතුලෙ තැවරුණු
එකෙන් ගොඩ එන්න මට සෑහෙන වෙලාවක් ගියා. ඒ හින්දම මං හිතනවා ටික වෙලාවක් film එක එක්ක
ගතකරන්න බලන් ම කෙනෙකුට බලන්න වටින film
එකක් ඒක. ඒ වගේම මේක ලියන්න පෑන අතට ගනිද්දි
තිබුණු හැඟීම් ටික ගලපගන්න බැරුව හරිම අසරණ තත්වයකින් මේක ඉවර කරන්න වෙන එක පවා
තවත් අතකින් හරිම වේදනාවක්. ලිංගිකත්වය, හැඟීම්, ආසාවන් අතරෙ ආදරය ඒ කතාවෙ මුදුන් මුල වගේ තිබුණා
කියලත් film එකේ අන්තිම ¼ ඇතුලෙ මට හිතුනා. ඒ වගේම සමහර කතන්දර වල හරිම
තැනින් ස්ථානගත කරන්න ඉතුරු වෙන්නෙ revolver යක් වගේ දෙයක් විතරක් වෙන්නත් පුළුවන් කියලත්
අවසානෙදි මට හිතුනා.
Film
එක ආරම්භයත් අවසානයත් එක මත පිහිටන විදිහෙ එකක්.
ඒ නිසා කථාවෙ ආරම්භයෙදි වගේම අවසානයෙදිත් පොදු වෙන, ලොලිටා ගැන Humbert කියන දේ මං හිතනවා මං මොන වැල්වටාරම ලිව්වත්, ඒ හැමදේකටම
වඩා ලොලිටා ගැන perfect description එකක් කියලා.
“She was Lo,
Plain
Lo in the morning
Standing
four feet ten in one sock..
She
was Lola in slacks.
She
was Dolly at school.
She
was Dolores on the dotted line.
In
my arms,
She
was always Lolita…
Light
of my life,
Fire
on my loins,
My
Sin..
My
Soul...”
-මුදිත්-
18.04.2021
💜
ReplyDelete☺️☺️☺️
Delete☺️☺️☺️
Delete