ගිනි දැවී අවරගිර
ශේෂ කල භෂ්ම පොදියකි,
ගණඳුර..
පියමැන ගෙවා යා යුතු
සංසාරයකි රැය,
ඇස ලඟ...
ඔබ අතින් ගෙන දැල්වූ
තාරකා ඇස් පවා
නිවී යන..
සිත පුරා හළාහල විෂ ය,
මතකයක ඉහිරුණ
සඳ දිය...
චන්ද්‍ර බිම්බය මැකී ගියමුත්
අහසින් ඇස් මුදන්නට
බැරි කම,
සඳට නොව අහසටම
පෙම් කල හදවතිනි
වැළපුම...
-මුදිත්-
2021.02.05
ස්තූතියි මේ පැත්තෙ ආවට.. 😊😊😊
ReplyDeleteහා🤣
Delete