ඉන්ද්‍රචාපය ලෙසින් අහස් ඉම නැවතිච්ච
මන්දහාසය නුඹයි සිත නහර පිරිමැද්ද
වන්දනාවක වුණත් යනෙන මග වැරදිච්ච
අන්ධකාරය මමයි රාත්‍රිය ගෙට ගත්ත
විඩාපත් ජීවිතය ශරත් තුරු පත් මුදන
නග්න අතු ඉති පුරා වේදනා තෙල් උලන,
වණව ගිය පියාපත් බඳෙන් ගිලිහී වැටෙන,
ලියා දෙමි ශිශිරයට - මවන්නට මල් තුහින
රළ ගැටෙන වෙරළ මත, බිඳක් මට ඉඩදෙන්න,
පා ඇඟිලි තුඩගකින් කවියක් ව ලියැවෙන්න
වරක් වත් ඉඩ නැද්ද අහස් උයනට එන්න,
තරුවක් ව ගිනි අරන් ඇසිල්ලෙන් ගිලිහෙන්න
-මුදිත්-
31.07.2020
Painting: Clouds in the dark night by Pracha
❤
ReplyDelete