එක එක හැඩෙන් කියවන්න

Saturday, April 22, 2017

ප්‍රේමය දිය දහරක් ව පැවතින...

මලින් මල් ගැවසී ගිය
අතින් අත් පැටලී ගිය
හරිත උද්‍යානයේ ඉපැදී,
ප්‍රේමය
දිය දහරක් ව පැවතින...

උඩු ගං බලා පිහිනා ගිය
මත්ස්‍ය, දියකා පිරිවර ද..
ඔහේ පහලට ගලා ගිය
වියැළිව හැලුණු තුරුපත් ද, මල් පෙති ද..
මුහුලසෙහි ගවසාගෙන,
ප්‍රේමය
දිය දහරක් ව පැවතින...

නොදන්වා සපැමිණි ග්‍රීස්මෙක
"නවතිනු" යි කී විට ඉඩෝරය
ඔච්චමට සිනා සී
නොනැවතී ගලා ගිය,
ප්‍රේමය
දිය දහරක් ව පැවතින...

නොනැවතී සිඳු තෙක් පැමිණ
සිනහ සී අතිනත් බැඳි දාක
කරදියෙහි ගිලී
මිය යන තුරු ම
ඔව්..!
ප්‍රේමය
දිය දහරක් ව පැවතින...

                                            -මුදිත්-
                                     2017.04.08

2 comments:

  1. ලස්සනයි කුරුටු. චිත්‍රය කුරුටු ඇන්ඳ එකක්ද?

    ජයවේවා!!!

    ReplyDelete
  2. ස්තූතියි දුමී ප්‍රතිචාරයට. චිත්‍රය නම් මම ඇඳපු එකක් නෙමෙයි. අන්තර්ජාලයෙන් ගත්තෙ. සාමන්‍යෙන් නිර්මාණ ශිල්පියාව හොයල මම සඳහන් කරනවා. නමුත් මේකෙ එවැන්නෙක් හොයා ගන්න හිටියෙ නැහැ නේ.

    ReplyDelete