එක එක හැඩෙන් කියවන්න

Sunday, February 12, 2017

ඒ තමයි මගෙ සෙනෙහස...

නුඹ සඳ ව
ගලා එයි පාතට,
තෙම තෙමා තනි යහනත..
දෝතට ගනිමි සඳ වතුර
දැන දැන ම
හලාහල විෂ බව...

සඳ එළිය
කොපුළතෙහි තවරන
හැම හාදුවම කෙළවර..
කඳුළකි,
ඇහි පියන'තර සිරවෙන..
ගලා එන්නට නියමිත...

ඒ තමයි මගෙ සෙනෙහස...
                                                -මුදිත්-
                                        2017.02.12

3 comments:

  1. ලස්සනයි මුදිත්. ඔය සිංහල වචන ගැළපීම අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ස්තූතියි දුමී.. දකින අඩුපාඩුවක් වෙතොත් ඒවත් කියන්න. ඉඩ ඇති වෙලාවක ආයෙත් ඇවිත් යන්න මේ බ්ලොගුව පැත්තෙ.

    ReplyDelete
    Replies
    1. අඩුපාඩුවක් පේන්න නෑ මුදිත්. මගේ බ්ලොගයේ මම හතරපද කවි ලිව්වට මේ තාලයේ කවි ලියවෙනවා අඩුයි. ඒත් මේ කවිවලට තවත් කැමතියි.

      ජයවේවා!!!

      Delete