එක එක හැඩෙන් කියවන්න

Monday, March 7, 2016

නුඹ තවම ඔතැනම...?

පහන් සිළ නිවුණ පසු,
මඳක් පය බර කර
කළුවර තබා ගිය
පියවර..
එකින් එක
පිසදමනු ඇත
විදුලිය තිබෙන තුරු,
ලුමිනස් පහන් ඇස...

ඉදින්,
එ'පෙම් වතටත්
නමක් ඇති විට...

කළු වළා කැටිත්තක,
නොපෙනෙන්ට
පිනි කඳුළු හංගන,
අරුණ ගොඩවුණ හැටිය
මියෙන බව දැන දැන
එළිය..

අන්ධකාරේ තාරකාවිය,
නුඹ තවමත් තනිව ඔතැනම..?
පෙර දා බලාහුන් ලෙසටම...

                               -මුදිත්-
                        2016.03.05

3 comments:

  1. සුන්දරයි බං........

    ReplyDelete
  2. Sa rasa ,ස්තූතියි සහෝ...

    ReplyDelete
  3. බෝම ස්තූතියි කුරුටු සහෝ... :-)

    ReplyDelete