එක එක හැඩෙන් කියවන්න

Saturday, January 3, 2015

නොකියමී මනමේ...

රන් තෝඩු කනකර
උකස් වී ගිය,
රහ නූන මසවුළු
වළඳන්ට වුන,
වඩන රූසිරි
පලඳනා ගිලිහුන,
පෑල දොරකඩ
ලඟට වී හිඳ,
ඈත බැලුවෙද
ඉතින් ආලය...
නොදී වැදි රජු අතට අසිපත,
යන්ට පියඹා- අයැදි අවසර,
ළඳුනි නුඹ හට,
නොකියමී මනමේ කුමාරිය...
නෙත් කෙවෙනි අග රිදුම් හිරකර,
සිතා නුඹගේ හෙට දවස ගැන,
ළබැඳි මා ප්‍රිය ළඳුනි රූබර,
ඉතින් ඉගිලී යන්ට අවසර...

 -මුදිත්-
 2015.01.03

No comments:

Post a Comment