කලට නිල්ලට පීදෙන යායක
පුරන් වූ කට්ටියේ, වගුරු දිය අල්ලක
වෙල් පලා නෙළන්නී..
දවසට මිටක් ගානේ පීදෙන
මේ මහා පොළොවේ,
ඈ වෙනුවෙන් ශේෂ සාරය...
මහා හිමිදිරි පාන්දර
'ස්වර්ණ හෝරාවේ',
අවසාන තත්පර කිහිපයේ
ඇයි මේ කලබලේ,
ඈව සුරකින්නට කැමරා රාමුවේ..?
ඉතිහාසය පුරා
කාගෙ හෝ අම්මෙක් ව, අක්කෙක් ව
පැමිණියා සේ ඈ මෙතැනට..
හෙටටත්, මතු මතුත්
ඉඳුරාම එයි ඈ නෙළන්නට
දවසට මිටක් ගානේ පීදෙන
මේ මහා පොළොවේ,
ඈ වෙනුවෙන් ශේෂ සාරය...
-මුදිත්-
17.02.2025
Image from web