එක එක හැඩෙන් කියවන්න

Saturday, July 15, 2023

ඈත මැදපෙරදිගේ නගරෙක - තනි උනා මම..

විදුලි එළි වමනය කරන
ඈත මැදපෙරදිගේ නගරෙක
තනි උනා මම..
ස්වර ඛණ්ඩ කීපයක්,
වියළි සුළඟක් එක්ක
තැන තැන - ඔබවත් එතැයි බල බල...

ඉතින් වැරදිලාවත්
ඔබ ගියත් දැක දැක,
නො එන බව
සහසුද්දෙන් ම දැන දැන...

එකෝමත් එක කලක
ඔබෙ ඔඩොක්කෙන් ගිලිහුණු
වියළි රටකජු පොතු වගේ..
විසිරුණා,
මේ වියළි හුළඟට මුහුවෙන
සියලු දේ (මමත් ඇතුලුව)..

බොහෝ දවසට
ඔබෙ උකුළ උඩ ඉතුරු වුණ
නවකතා පොත වගේ,
හුළඟකට බර වැඩි
කාරෙකක්, පුටුවක්, බිල්ඩිමක්..
හතරැස් ව නැවතුනා තැන තැන...

අන්තිමේ,
විදුලි එළි වමනය කරන
ඈත මැදපෙරදිගේ නගරෙක
තනි උනා මම..
ස්වර ඛණ්ඩ කීපයක්,
වියළි සුළඟක් එක්ක
තැන තැන - ඔබවත් එතැයි බල බල...

-මුදිත්-
14.07.2023

Image source: internet



4 comments:

  1. විදුලි එළිය වමනය නම් අඳුර? අඳුර අඳුර මගේ ..... වගේද?

    ReplyDelete
    Replies
    1. අඳුර, නිවන සුළුයි නේද...

      Delete