එක එක හැඩෙන් කියවන්න

Monday, July 11, 2022

නුඹත් හරියට මහවැලියෙ දියවර වගේ...

සැඳෑ ඉර දියැවෙන,
මල් හලා ගිය වසන්තය 
තවමත් නතර වී ළතැවෙන
මහවැලියෙ ඉවුරු වාටිය දිගේ..
මැකෙන තුරු කාලයේ කඳුළින්
නුඹට හමුවෙයි හෙටත්
නිහඬ පියවර ලකුණු මගේ...

රැයේ තිස් වැනි පැයට
හංස ගීතය ගයන
තරුවක එළිය පොද දිගේ,
ඇවිද එන හැම සිහිනයෙම
පෙත් මග නතර වන තැන,
දෙපැත්තට හිත බෙදන
ගලහ හන්දිය වගේ...

හන්තාන මුදුනතින් ගිලිහුන
අවසාන කඳුළත් අරගෙන,
සමන් ගිර කී ලෙසටම
ලකුණකුදු නොතියා
නැගෙනහිර වෙරළට නික්මුණ..
නුඹත් හරියට
මහවැලියෙ දියවර වගේ...

-මුදිත්-
2022.07.11
Photo By: Lahiru Rumesh

5 comments: