එක එක හැඩෙන් කියවන්න

Wednesday, May 15, 2019

පැනයක්..?

දුෂ්කර ම පටු මගක අග
හමුවුණොත් මෙර ගිර..!!
විඩාපත් සගයිනි,
ඉදින් අප යලි හැරී
යමුද එහි ආ මුළු දුර...?

කුඩාතම තෘණ හිස මත
පොපියනා මල් බිළිඳිය,
ඔය උරා බොන පිනි බිඳ
එක් අසුරු සැනෙකින්
රැගෙන යයි උදෑසන ඉර...!

සෘතුවක් නතර වේ නම්
ආලෝක වර්ෂයක දුර..
කෝෂ ගත දළඹුවනි,
කෝෂ තුළ මිය යමුද
පියාපත් ඇහැරෙන්ට පෙර...?

-මුදිත්-
2019.03.24



* "Struggle in the open" painting by Jessie Bee

No comments:

Post a Comment