එක එක හැඩෙන් කියවන්න

Sunday, November 20, 2016

ඔබ ගිය පසු...

පෙරදා සිරිතට ම මළ හිරු බසියි ඔහේ
මතකය අවදිවෙයි - සුපුරුදු හැඟුම් ලිහේ
නුඹගෙන් සොරාගත් සුමධුර ස්වරය මෙහේ
ඇළ, දොළ, මඳ නළක සැන්දෑ කලෙක ඇහේ

                                                                      -මුදිත්-
                                                              2016.11.11

Saturday, October 15, 2016

නුඹ - ඉරබටු තරුව...

සඳක සරතැස නිවන මදහස
බහින ඉරු රැස නිතින් ඉවසන
අවර අහසක අගින් ගිලිහුණ
කඳුළ, ඉරබටු තරුව නම් ලද..

ගත'කුරකි කව් පෙළක, හෝඩියක් අහිමි
වුණ
මුකුලිත වු ලියවැලකි, ඉඩෝරෙක ගෙල නැමුණ
උසුලගෙන සුසුමනුත් මදහසක,
පටළැවුන
ඇණ ගැසූ කුරුසියකි මග බලා උන්නු
තැන..

කල්වාරි මුදුනතට තව දුරයි, බෝ
දුරයි
මග බලන ඇස් අගට දුක වැඩියි, තව
රිදෙයි
'සඳ එළිය..' නෙතින් නෙත කොඳුරමින් නුඹ යදියි
ඒ වුණත් සඳවතින් හලාහල විශ
ගලයි..

                                                              -මුදිත්-
                                                             2016.10.15


Monday, July 11, 2016

දස්කොන්...

තරු අගිසි වසාගෙන
උතුරා හැලෙනකොට
සඳදිය,
සිරි යහන පුරාවට
සෙවනැළි මවයි
සකි නුඹ..
ඇත්තමයි
නුරාවෙක නම් නොවෙයි හදවත...

සැලෙයි තිරපට
සුළඟට,
නිවී ගිය පසු- පහන් සිළ
අඳුර දැවටෙයි සියොලඟ..
මුදු හාදුවකි කොපුලත
නුඹේ උණුසුම මා ලඟ...

තිගැස්සී ඇහැරෙමි..!!
අසිපත් ගැටෙන හඬකට,
සිහිනයෙන්- රෑ මැදියම..
සවන් පත් වෙහෙසමි,
විමසමි..
මිමිණේද නුඹ නම
සුළඟකින් හෝ හෙමිහිට...

                                  -මුදිත්-
                         2016.06.29

Anna Razumovskaya Praying For Love Painting


Sunday, June 12, 2016

"අප" යන අනුක්තය...

නුඹ,
  රැයෙක- ගණ අඳුරක..
  හිස්තැනකි
  කළු වළාවක් යට...

මම,
  බුබුළකි දැවී ගිය..
  සියළු වෙර ගෙන- නුඹ අස
  වරක් පමණක් දැල්වුණ...

                             -මුදිත්-
                     2016.06.11


Tuesday, May 3, 2016

මගහැරුණු උරහිසක්...

පතින් පත ලිහි ලිහී ජීවිතේ අතු පතර
රිදුම් කන විට නිබඳ හදවතේ මුදු නහර
මගහැරුණු උරහිසක්, වදන් හී සර අතර
ඇඳි ඇඳී යලි මැකේ සිහිනයක් සේ නිතර

                                           -මුදිත්-
                                    2016.04.27