කොළරාව සේ පැතිර
පිළිකාවක් සේ නැගෙයි
ආලය...
සිහිනයෙන් හිස හැපී
ආලයේ එළිවැටක,
ජීවිතය ඇද වැටෙයි
කවියක - සළාවැටුමක..
රැය පවා නින්ද නැති නුවරක,
ප්‍රේමයේ වැළපුම් ස්වරය
මැග්දලේනාව සේ
නොනැවතී ගලන හඬ ඇසෙනවද...
ඉසියුම් ම හද බිතක
ඉවුරු මායිම හැපෙන
කේශනාළිකා හිස් පුපුරයි..
ඉදින් මා දල්වන,
ශිශිරයේ නැහැඹුල් ම හිරු කිරණ
ඔය දෑස් මත පිපී දිලිහෙයි..
ප්‍රේමයේ දිග පළල හඳුනන
මැග්දලේනා ඉවුරු දිග
පිරිමි කඳුළක් හෙටත් පාවෙයි..
ෆර්මිනා,
එකම එක මොහොතකට
ජීවිතයෙ අගිස්සක
ප්‍රේමයට කල්පයක් ඉඩ තිබෙයි...
-මුදිත්-
2023.04.21
Why dont u think to publish a poetry book 🤔
ReplyDelete