අහසින් අතහැරුණු
වීදුරු සඳක කැබලිති,
කිඹුල් ඇළ මුහුණත පුරා
විසිරෙයි...
වීදුරු සඳක කැබලිති,
කිඹුල් ඇළ මුහුණත පුරා
විසිරෙයි...
මැදියම් හෝරාව අස
අඩදැණිව,
තිත්තම තිත්ත රැය,
මොහොතකට නවතියි...
'දැන් මට හරිම වෙහෙසයි..'
සක්වළෙන් සක්වළ ගෙවා ආ
ඈත දුර තරුවක
ආලෝක කිනිත්තක්
මගේ දෑසට කොඳුරයි...
සොඳුරිය..
නොකල්හි ගඟ දියට වට,
සඳ එළිය වුව
හලාහළ විෂ මැයි...
-මුදිත්-
2023.02.05
හලාහළ විෂ වුවත් ඒ සඳ එළියනේ!
ReplyDeleteඇත්ත, ඒත් විෂයි නේ!
Deletehttps://youtu.be/vQ3XgMKAgxc
Delete"You are the poision in the vine"
We love the enjoyement even if cause to pain💔
රස විස 💔
ReplyDeleteහ්ම්ම්... ඔව්
Delete🌹❤
ReplyDelete😊😊😊
Delete