තෙරැපෙන මිනිස් පොදියක
හැමදාම හිමිදිර
රැගෙන යමි රන්තලිය,
ටාටා ලේලන්ඩ් වල..
අතෙකින් සල්පිල් ය - අතෙකින් පෝලිම් ය
ඒ වුණත් 'හැන්ඩ්සම්'
මනමාලයෙකි නගරය...
සිරිත් සේ හැම හවසම,
පුදා දී යෞවනය
ඉනික්බිති ජීවිතය
සේරිවාණිජ අතට..
මිටින් ගෙන බාල කාසිය,
හැරී එමි තොටුපොළින්
උණ ගැනුණු විසාලා නුවරට...
සත් දිනක් මඟුල් කෑ
සිටු කෙනෙකු ගැන පුවත,
කියවා සිනහසෙමි
ඉතිහාස කතාවක..
නින්දට පෙර වරක් - සිපගමි පුරුදු පරිදිම
නුඹේ පින්තූරය
පසුම්බිය පතුලේ සුරකින...
-මුදිත්-
15.05.2022
සිතුවම: අන්තර්ජාලයෙනි. |
අදයි මේ බ්ලොග් එක ඇහැ ගැටුනේ. හොඳ නිර්මාණයක්. නැවත ඒමට බලාපොරොත්තු වෙමි.
ReplyDeleteබොහෝම ස්තූතියි...
ReplyDelete😮😮
ReplyDelete