ජය මගුල් බෙර තාලෙට,
"නන්ස්ටොප්" මගුල් ගී නාදෙට,
කිටි කිටියේ වෙලුනු රන් හුය,
හිච්චි සුළැඟිලි හිරකර...
සසර කිසිදාක මින් පෙර හමු නොවුන,
නාඳුනන ප්‍රිය "පෙම්වත",
බලන් අර මධු සඳ,
අපෙම හෙට දවස ගැන- දෙගිඩියාවක ව ද?
තුරුළු වී නොවී- නුහුරු උණුහුමකට,
ඇස් පියාගත් වනම- ඇවිත් හිත අතගාන,
නොමළ පෙර පෙම් සිහිනය,
ඔබා වළලා යලිත් හිත යට...
අත ගැටෙන රන් මුදුව,
ඇඟිලි- ගෙල සිරකළ,
සුසුම් තව තිය තියා වා තලය බර කල,
ගෙවා නිදි නැතුවම මූසලම මහ රැය...
යලිත් උදයෙම අවදිව,
නාඳුනන සේ උනුන් වෙත- පතා සුබ උදෑසන,
නුඹ නුඹේ වැඩබිමට- මම මගේ වැඩපොළට,
යමු අපි අපේ ජීවිත වලට...
ගෙවා ඒ පැය හත අට,
ගොඩවෙමු අපි නැවත- නුහුරු නුපුරුදු "කූඩුවට",
මුවින් නොබැනම- ගෙවිය යුතු මේ ජීවිතය,
ඇඟිලි හිරකල- රන් හුය අපිට පැවරුව...
-මුදිත්-
2015.01.14
No comments:
Post a Comment