ඔව්..
කඩමාළු අහසකට
රනින් රන් සැරසිලි කුමටද...
ඒත්..
සඳක් නැතිනම් තරුවක් වත්
අමුණා එවන්නට නොහැකිද...
මේ වස්සානයෙත් අග......
-මුදිත්-
2015.07.07
ඔව්..
කඩමාළු අහසකට
රනින් රන් සැරසිලි කුමටද...
ඒත්..
සඳක් නැතිනම් තරුවක් වත්
අමුණා එවන්නට නොහැකිද...
මේ වස්සානයෙත් අග......
-මුදිත්-
2015.07.07
වියැකෙයි සන්ධ්‍යාව,
කැන්වසය මත
නුඹ තියා ගිය...
"අවුරුදු ම කීයක්ද.."
නැගුණු රැළි, බිඳෙන පෙණ
එකින් එක දියැවෙයි..
අව පැහැය සීරුවෙන්
අළු පැහැති අඩඳුරක කිමිදෙයි..
වෙරළ අද්දර බංකුවක් මත
නුඹ තියා ගිය සිනහවක
කාන්තිය හෙමි හෙමින් බොඳවෙයි..
රාත්‍රියකට ඉඩ නොතබාම,
නුඹ තියා ගිය සන්ධ්‍යාව
නිහඬවම කැන්වසය මත වියැකෙයි....
-මුදිත්-
2015.06.19
නිරුවත් පොළොව පිට
සැඩ හිරු රැස් ම වැගිරෙයි,
නහර වැල් සිඳි සිඳී
අවසන් දිය බිඳත් වියැලෙයි..
සිහින් වැහි පොද එක දෙකක්
අවාරෙට පොළව පිට ඉහිරෙයි,
දැවෙන වැලි කැට මත වැතිර
එ'බිඳත් සිඳී වියැලෙයි...
දිගම දිග නිද්‍රාවෙක
සැඟව හුන් මල් ඇට
වියළි බිම මත විසිරෙයි..
ගිනි ගැනෙන රස්නෙට
මල් ඇටත් ගිනිගෙන පුපුරයි...
මල් කළල බිළිඳු ඇස්
බිම මත ඉකි බිඳුම් ඉහිරෙයි,
හමන එක සැඩ සුළඟකට
එ'හැම හැඬුමන් යටවෙයි...
රැය- දාවල යලිත් රැය
මාරුවෙන් මාරුවට එලැඹෙයි,
අඳ ගොලු බිහිරි තුඟු රුක්
එ'බිම මත සීරුවෙන් පැළවෙයි..
ඇස් කොනක වත් නොගැටී
එ'බිම මත මල් ඇට පුපුරයි...
-මුදිත්-
2015.06.26
උනා හැර සුදු සේද සළු,
නිරුවතිනි කළු වළාකුළු..
කඳු මුදුන් මත අව අළු,
සරාගී රැඟුමකිය නෙත්කළු...
-මුදිත්-
2015.06.11