කරාමයෙ කර බදා ඉකිබිඳ,
යන්න බෑ කී දිය බිඳුත් ඇති..
ගිහින් එන්නම් කියා හිනැහී,
යන්නටම ගිය දිය බිඳුත් ඇති..
ඉතින් හෙමිහිට ගලාගෙන ගොස්,
සාගරය වෙත යන්ට යනවැති..
දිය බිඳක් නැවතිලා කොහොමද,
කරාමය හිත හදාගන්නැති...
-මුදිත්-
2015.03.12
එක එක
හැඩෙන්
කියවන්න
Thursday, March 12, 2015
Saturday, March 7, 2015
සීනි තරමට පැණිරසද දහදිය...
ගල් කැටත් පුපුරන රස්නෙට,
වළාකුළු පවා හැංගෙයි,
එළි නොබැස මද්දහනට..
හුළඟ ඇවිදින් ඉඳහිට,
වටපිටේ සැරිසැරුවට..
සෙවණගල උක් වතු,
හෙවන නම් නෑ ඇත්තට...
උනන පැණි ගෙන,
මල් වල නොහංගා..
දරදඬු දඬු වලම,
තෙරප තෙරපා හංගා..
යන්තමට දිවි රැකුණට,
උක් දණ්ඩෙ පැණි හන්දා..
දත් නැති දා තපින්නට,
තවත් ගිනි කුමටද මන්දා...
පැණි- සීනි කරන්නට,
අත් වලට බැරි හින්දා..
මැසිම ඒ බර කරට ගෙන,
පැණි- සීනි කැට කෙරුවා..
උක් තඹ සත වුනත්,
සීනි නම් කහවණු හන්දා..
ඒ බරත් මහ මෙර තරම්,
නුඹලගෙම කරපිට වැටුණා...
උක් පඳුරු නෙළන අත්,
සීනි ඇට අතගාවි..
පුටුවකට මුවා වී,
වෙන අතක් පැණි කාවි..
වැදුවා නම් උක් පඳුරු,
පැණි වෙනුවට සීනි..
හැලෙන දහදිය බිංදු,
පවා මුතු ඇට වේවි...
-මුදිත්-
2015.03.07
වළාකුළු පවා හැංගෙයි,
එළි නොබැස මද්දහනට..
හුළඟ ඇවිදින් ඉඳහිට,
වටපිටේ සැරිසැරුවට..
සෙවණගල උක් වතු,
හෙවන නම් නෑ ඇත්තට...
උනන පැණි ගෙන,
මල් වල නොහංගා..
දරදඬු දඬු වලම,
තෙරප තෙරපා හංගා..
යන්තමට දිවි රැකුණට,
උක් දණ්ඩෙ පැණි හන්දා..
දත් නැති දා තපින්නට,
තවත් ගිනි කුමටද මන්දා...
පැණි- සීනි කරන්නට,
අත් වලට බැරි හින්දා..
මැසිම ඒ බර කරට ගෙන,
පැණි- සීනි කැට කෙරුවා..
උක් තඹ සත වුනත්,
සීනි නම් කහවණු හන්දා..
ඒ බරත් මහ මෙර තරම්,
නුඹලගෙම කරපිට වැටුණා...
උක් පඳුරු නෙළන අත්,
සීනි ඇට අතගාවි..
පුටුවකට මුවා වී,
වෙන අතක් පැණි කාවි..
වැදුවා නම් උක් පඳුරු,
පැණි වෙනුවට සීනි..
හැලෙන දහදිය බිංදු,
පවා මුතු ඇට වේවි...
-මුදිත්-
2015.03.07
Tuesday, February 24, 2015
ඉටි පහනක්මි....
දැල්වෙමි නොනිවීම,
ගෙවෙන තුරු රැය ගණඳුර,
හමන සුළඟට එදිරිව,
රැකගමි බිඳක් හෝ ආලෝකය...
දැවි දැවී හිඳ,
පහන් වන තුරු රැය,
යන්නට යමි නොකියාම,
හිරුට ඉඩදී රහසේම...
නොතබමි භෂ්මාවශේෂ,
නුඹෙන් බුහුමන් ලබන්නට,
මිදුණු කඳුලක් පමණක්,
තියා යමි ඉතිරි කර...
ඇවැසි නම් රැක ගන්නට,
නැති නම් සූරා දමන්නට...
-මුදිත්-
2015.02.24
Tuesday, February 10, 2015
ප්‍රේමය බිඳුනු මිතුරාට...
අලුත හීරුණු තුවාලයකට,
"ස(ර්)ජිකල් ස්ප්‍රීට්" ගාගෙන,
තොල් හපාගෙන විඳින ලෙසටම,
විඳින්නට හැකි බිඳුනු ප්‍රේමය...
බිඳුනු වීදුරු කටු විසිර ගිය,
වීදියක පය නතර වුනහම,
ඇනුණු වීදුරු කටු ගලවගෙන,
වලදමාපන් හිතේ ගැඹුරෙම...
ප්‍රේමයේ හිඟ වාරික ගෙවන්නට,
පොළිය තවරා පෑන් තුඩ'ගට,
ලියූ ගිනිගත් කවිය අරගෙන,
වරෙන් දුක සැප බෙදාගන්නට...
-මුදිත්-
2015.02.10
"ස(ර්)ජිකල් ස්ප්‍රීට්" ගාගෙන,
තොල් හපාගෙන විඳින ලෙසටම,
විඳින්නට හැකි බිඳුනු ප්‍රේමය...
බිඳුනු වීදුරු කටු විසිර ගිය,
වීදියක පය නතර වුනහම,
ඇනුණු වීදුරු කටු ගලවගෙන,
වලදමාපන් හිතේ ගැඹුරෙම...
ප්‍රේමයේ හිඟ වාරික ගෙවන්නට,
පොළිය තවරා පෑන් තුඩ'ගට,
ලියූ ගිනිගත් කවිය අරගෙන,
වරෙන් දුක සැප බෙදාගන්නට...
-මුදිත්-
2015.02.10
Thursday, February 5, 2015
නැග්ගහම හපුතල් මුදුනට- පේනවා ජීවිතේ අඩියම...
හති ගහන බදුලු දුම්රිය,
මුවින් නොදොඩා උන්නට,
දන්නවා ඇති තේ ගස් යට,
වළදමා ඇති උඹලගෙ හිත...
තේ කහට දළු ගොන්නට,
දාඩිය සුවඳ ඉහුනම,
තේ කූඩෙ පතුලට,
වැටෙන එක රුපියල දෙක...
හෙටත් ජීවත් වෙන්නට,
තියන- නොකියන හේතුව,
රිදුම් පිරිමැද පූදින,
මළානික සිනහව විතරද...
හැපෙන තේ දල්ලක,
තිත්තයි- ජීවිතේ පැණිරස,
නැග්ගහම හපුතල් මුදුනට,
පේනවා ජීවිතේ අඩියම...
-මුදිත්-
2015.02.05
මුවින් නොදොඩා උන්නට,
දන්නවා ඇති තේ ගස් යට,
වළදමා ඇති උඹලගෙ හිත...
තේ කහට දළු ගොන්නට,
දාඩිය සුවඳ ඉහුනම,
තේ කූඩෙ පතුලට,
වැටෙන එක රුපියල දෙක...
හෙටත් ජීවත් වෙන්නට,
තියන- නොකියන හේතුව,
රිදුම් පිරිමැද පූදින,
මළානික සිනහව විතරද...
හැපෙන තේ දල්ලක,
තිත්තයි- ජීවිතේ පැණිරස,
නැග්ගහම හපුතල් මුදුනට,
පේනවා ජීවිතේ අඩියම...
-මුදිත්-
2015.02.05
Subscribe to:
Posts (Atom)



