හති ගහන බදුලු දුම්රිය,
මුවින් නොදොඩා උන්නට,
දන්නවා ඇති තේ ගස් යට,
වළදමා ඇති උඹලගෙ හිත...
තේ කහට දළු ගොන්නට,
දාඩිය සුවඳ ඉහුනම,
තේ කූඩෙ පතුලට,
වැටෙන එක රුපියල දෙක...
හෙටත් ජීවත් වෙන්නට,
තියන- නොකියන හේතුව,
රිදුම් පිරිමැද පූදින,
මළානික සිනහව විතරද...
හැපෙන තේ දල්ලක,
තිත්තයි- ජීවිතේ පැණිරස,
නැග්ගහම හපුතල් මුදුනට,
පේනවා ජීවිතේ අඩියම...
-මුදිත්-
2015.02.05
No comments:
Post a Comment