එක එක හැඩෙන් කියවන්න

Monday, November 9, 2026

කැන්වසයක උමතු සිනා හඬ

හිරු මල් යායකට ඉහළින්
හිරු සිනාසී ගෙන..
දරාගන්නම බැරි තැන,
වසන්තය
සියොළඟට ගිනි තබාගෙන..
වැන්ගෝ...!
පය විකල් වී ගියාවේ
තරු පිරි වංකගිරියක...

වෛවර්ණ සරුංගල්
අපි..
අහස නම් මායාවේ
ඉඩ ලද ඇසිල්ලේ පැටලෙන,
සරල රේඛා හැඩතල - මොහොතකට අමතක කර
බමන රේඛා මතින්
කොහොම යලි මැව්වාද ලෝකය..!

කඩා වැටෙනා තරු
දහසක් පැතුම් උසුලයි,
එක් අසුරු සැනකට
ජීවිතාශා අවුලයි..
වර්ණ - රේඛා - හැඩතල
කැන්වසය අතහැර
සිහින අතරට ගොඩවෙයි,
හිස්ව ගිය කැන්වසයක
"උමතුවේ" දෝංකාරය
දුර කඳු අතර දියැවෙයි...


-මුදිත්-
09.11.2026

Starry Night Over the Rhône by Vincent Van Gogh (1888)

The Starry Night by Vincent Van Gogh (1889)

පසු සටහන: උන්මාදික හෝ උමතු (Manic) යන්න මනෝවිද්‍යාවේදී මේනියාව (Mania) හෝ උන්මාදය ලෙස හැඳින්වෙන, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මනෝභාවය අසාමාන්‍ය ලෙස ඉහළ යන, අධික ශක්තියක් සහ උද්යෝගයක් පෙන්වන මානසික තත්ත්වයකි.

No comments:

Post a Comment