එක එක හැඩෙන් කියවන්න

Sunday, January 18, 2026

අපි...?

"අනන්ත සයුරේ.. බියකරු දිවි දියඹේ.."
පාළුව ඉරාගෙන
ඈතින් ඇසෙයි කපුගේ..

රැඳී ඉන්නට මතකයක් නැති

පලා යන්නට සිහිනයක් නැති

ඇත්තටම අපි..! 

කොහොම වෙන්නද අපගේ..?


රැය හෙමින් දිගු වෙයි..

මං හෙමින් වැතිරෙන්නම්

ජීවිතය නම්,

තිත්ත කරුවල හිරගේ...


ඇත්තටම අපි,

කොහොම වෙන්නද අපගේ..?


-මුදිත්-

26.10.2025


Paint : Deep Yearning (2020) by Lizelle Lazarus

No comments:

Post a Comment